Wednesday, September 9, 2026
Homeදේශීයඡායාරූප සැමියට පෙන්වන බව පවසා අනියම් කාන්තාවගේ රන් භාණ්ඩවලට විද්ද සැකකරු අත්අඩංගුවට

ඡායාරූප සැමියට පෙන්වන බව පවසා අනියම් කාන්තාවගේ රන් භාණ්ඩවලට විද්ද සැකකරු අත්අඩංගුවට

කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇය කාමරයක් තුළට රැගෙන ගොස් ලබාගත් ඡායාරූප ඇයගේ සැමියට පෙන්වන බවට පවසා ඇගේ රන් භාණ්ඩ බලෙන් ලබාගැනීම සම්බන්ධ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) දහවල් සැකකරු මීගමුව පොලිසිය විසින් මීගමුව, ගෝමස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 23ක් වූ ගෝමස් වත්ත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.

සැකකරු විසින් බලෙන් ලබා ගත් රන් මාලයක් මීගමුව නගරයේ වෙළඳසැලකට විකුණා තිබියදී රන් මාලය උණු කරන ලද ග්‍රෑම් 04ක් බරැති රන් ගුලිය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ලෝක බලවතා ඊශ්‍රායලයට පැමිණෙයි (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්