Monday, June 1, 2026
Homeදේශීයරාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මානව හිමිකම මාර්ගෝපදේශ නිකුත් කරයි.

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මානව හිමිකම මාර්ගෝපදේශ නිකුත් කරයි.

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

පොලීසිය, බන්ධනාගාරය, පරිවාසය වැනි ආයතනවලට මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවයි එම කොමිසම පවසන්නේ.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය, මානසික රෝගියෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ පසු ප්‍රතිකාර කිරීම සහ බලාගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිතයි.

දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් දෙසැම්බර් 11 පවත්වන උත්සවයකදී මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බවයි එම කොමිසම පැවසුවේ.

READ:   මහවැලි අධිකාරිය රුපියල් මිලියන 109,298 ක ලාභයක් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්