මාසික විදුලි ගාස්තුව නොගෙවීම හේතුවෙන් පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම විසන්ධි වන ආකාරය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය පැහැදිලි කිරීමක් කරනවා.
ඒ විදුලිබල මණ්ඩලය විසින් ලක්ෂ 50කට රතුබිල් යවා ඇති බවට පළ වූ පුවත ගැන නිවේදනයක් කරමින්.
විදුලි බල මණ්ඩලය විසින් හඳුන්වාදුන් ඊ බිල් ( e-bill) ක්‍රමවේදයට අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රමයෙන් අඩුකරමින් පවතින බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.
එම නිවේදනය පහතින්,
විදුලිය පාරිභෝජනයෙන් මසක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු ය.
රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කරනුයේ ඉන් පසුවයි
විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලැබේ.
සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10 ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුවයි.
ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවති. ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලැබේ. එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි වේ.
තව ද, 2023 නොවැම්බර් වන විට විසන්ධි කිරීම, නිවාස වසා තැබීම, පදිංචි කරුවන් නොමැතිවීම, නිවාස කඩා නව නිවාස සෑදීම ආදී විවිධ හේතු නිසා ශුන්‍ය පරිභෝජන (0 consumption) තත්වයේ පවතින ගිණුම් සංඛ්‍යාව 35,848 කි.




