file
රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සම්පාදිත ‘ඔබේ අයිතීන් දැනගන්න’ කෘතිය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී එළි දැක්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ළමුන්, කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මූලිකත්වයෙන් සම්පාදිත මෙම අත්පොත සදහා USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයෙහි (NDI) සහය ද හිමිවී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , ළමුන්, කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති තලතා අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිනිය වන රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන් විසින් මෙම කෘතිය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්විණි.
රැකියා ස්ථානයේ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ලිංගික හිරිහැරවලදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය මෙන්ම පැමිණිලි ඉදිරිපත් කළ හැකි පාර්ශ්ව සම්බන්ධකරගත හැකි විස්තර ද මෙම අත්පොතෙහි අන්තර්ගත කර තිබේ.
කාන්තාවට සිදුවන ප්‍රචන්ඩත්වයට එරෙහිව නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා අන්තර්ජාතිකව දියත් කරනු ලබන ‘16 Days Of Activism’ වැඩසටහනට සමගාමීව මෙම කෘතිය එළිදැක්වීම සංවිධානය කර තිබිණි.
:ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…