ක්‍රීඩා

දකුණු අප්‍රිකාව පරදා ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකාව කඩුලු 3 කින් පරාජය කරමින්.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් තුළ ලකුණු 212කට දැවී ගියා.

දකුණු අප්‍රිකාවේ සාර්ථකම පිතිකරුවා වූ David Miller ලකුණු 101 (116) ක් රැස් කළා.

Heinrich klaasen ලකුණු 47(48) යි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Mitchell Starc සහ Pat Cummins කඩුලු 3 බැගින් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 2ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.

Travis Head ලකුණු 62 (48) යි.

Steve Smith ලකුණු 30 (62) ක් සහ David Warner ලකුණු 29 (18)ක් වශයෙන් රැස් කළා.

ඒ අනුව මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

Recent Posts

ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන අද රාත්‍රී මෙරටට??

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…

17 hours ago

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

2 days ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

3 days ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

5 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

6 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

6 days ago