file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ දකුණු අප්‍රිකාව කඩුලු 3 කින් පරාජය කරමින්.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් තුළ ලකුණු 212කට දැවී ගියා.
දකුණු අප්‍රිකාවේ සාර්ථකම පිතිකරුවා වූ David Miller ලකුණු 101 (116) ක් රැස් කළා.
Heinrich klaasen ලකුණු 47(48) යි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Mitchell Starc සහ Pat Cummins කඩුලු 3 බැගින් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 2ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.
Travis Head ලකුණු 62 (48) යි.
Steve Smith ලකුණු 30 (62) ක් සහ David Warner ලකුණු 29 (18)ක් වශයෙන් රැස් කළා.
ඒ අනුව මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…