Sunday, June 7, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කිසිම වරප්‍රසාදයක් අරන් නෑ! - දේශබන්දුගෙන් ප්‍රතිචාර

ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කිසිම වරප්‍රසාදයක් අරන් නෑ! – දේශබන්දුගෙන් ප්‍රතිචාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය වන පුවත සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවේදනයක් කරනවා.

සමාජ මධ්‍ය වල යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවත් තමා කිසි දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය හෝ වෙනත් වරප්‍රසාදයක් ලබා ගෙන නැති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු පිලිබදවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු 07 වනදා මා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදේශකවරයකු ලෙස 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි බදවා ගත්බවට ලිපියක් මා වෙත ලැබී තිබිණි. එවකට මහජන ආරක්ෂක ලේකම්වරයාව සිටි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා වෙත මා මෙම ලිපිය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.මෙහිදී මහජන ආරක්ෂක ලේකම් ජගත් අල්විස් මහතා විසින් මා හට එම තනතුර බාර නොගන්නා ලෙස දන්වා සිටින ලදී.එම නිසා මා එම තනතුර බාර නොගත් අතර එම තනතුර බාර නොගන්නා බවට දන්වමින් 2021.11.05 දාතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිපියක්ද යොමු කර ඇත.සමාජ මාධ්‍ය වල යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවත් මා කිසිම දිනක ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය හෝ කිසිදු වරප්‍රසාදයක් ලබා නොගත් බවට සහතික කරමි.

: දේශබන්ධු තෙන්න්කෝන් බස්නාහිර පලාත් බාර ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති

READ:   BREAKING NEWS: නුවරඑළියේ සියලුම පාසල් වැසේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්