ක්‍රිකට් තරගයක පන්දුවාරයක් තුළ කඩුලු 6ක් ලබා ගත් පන්දුයවන්නෙකු ගැන පුවතක් ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහට ලක් ව තිබෙනවා.
මෙම දක්ශතාවය දක්වා ඇත්තේ Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan විසින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හි පැවති ලීග් ක්‍රිකට් තරගයක දී.
Surfers Paradise ක්‍රිකට් සමාජය සහ Mudgeeraba කණ්ඩායම අතර මෙම තෙවැනි පෙළ තරගය පවත්වා තිබෙනවා.
එහිදි පළමු පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 178ක්.
ජයග්‍රහණය සඳහා තරගයේ අවසාන ඕවරය තුළ Surfers කණ්ඩායමට ලකුණු 5ක් අවශ්‍ය ව තිබී ඇති අතර ඒ වන විට ඔවුන් දැවී සිට ඇත්තේ කඩුලු 4ක් පමණයි.
ඒ අනුව Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan එම පන්දු ඕවරය යැවීමට තීරණය කර ඇති අතර ඔහු Surfers ඉතිරි කඩලු 6ම දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය Mudgeeraba ට හිමි කර දී තිබෙනවා.




