දේශීය

BREAKING NEWS: විසර්ජන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් කාරක සභා රැස්වීමේදී.

ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් මුදල් කාරක සභාව ඉදිරි පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බව පෙන්වා දෙන සභාපතිවරයා එම තත්ත්වය වළක්වාගැනීම සඳහා පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටිනවා.

ඒ අනුව පසුගිය අයවැයෙන් කොපමණ යෝජනා ප්‍රමාණයක් ඉටුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සඳුදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි මුදල් කාරක සභාව දන්වා ඇත්තේ.

විසර්ජන පනත් කෙටුම්පත ලබන 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

30 mins ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

37 mins ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago