Friday, June 5, 2026
HomeදේශීයBREAKING NEWS: විසර්ජන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

BREAKING NEWS: විසර්ජන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් කාරක සභා රැස්වීමේදී.

ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් මුදල් කාරක සභාව ඉදිරි පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බව පෙන්වා දෙන සභාපතිවරයා එම තත්ත්වය වළක්වාගැනීම සඳහා පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටිනවා.

ඒ අනුව පසුගිය අයවැයෙන් කොපමණ යෝජනා ප්‍රමාණයක් ඉටුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සඳුදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි මුදල් කාරක සභාව දන්වා ඇත්තේ.

විසර්ජන පනත් කෙටුම්පත ලබන 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැතිනම් රට තියෙන්නේ කොතැනද? රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ - මනුෂ නානායක්කාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්