2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ ලකුණු සටහනේ සිවි වන ස්ථානයේ සිටින නවසීලන්තයට අවසන් පුර්ව වටයට පිවිසීමට නම් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වෙනවා.
එමෙන්ම එළඹෙන ශූරයන්ගේ කුසලානයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට ද අද තරගයේ ජයග්‍රහණය අනිවාර්යය වී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවීම හේතුවෙන්.
ඉන්දියාවේ බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙනවා.


