ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු පාලක කමිටුව ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව යි.
ඒ අනුව එහි මේ දක්වා සිටි සභාපති ෂම්මි සිල්වා මහතා යළි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබෙනවා.
මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා අධිකරණ නියෝගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබෙනවා.


