ක්‍රීඩා

දිල්ලි වායුව අද තරගය නතර කළොත් ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් අවධානමක?

ඉන්දියාවේ දිල්ලි නුවරට බලපෑ ඇති අධික වායු දූෂණ තත්ත්වය හේතුවෙන් අද (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙනවා.

වායු දූෂණ තත්වය ගැන සලකා බලා තරගය ගැන තීරණයක් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දිල්ලි වායු දූෂණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට තම සෞඛ්‍ය තත්ත්වය අවදානමේ දැමීමට සිදුව ඇති බව එම කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.

දිල්ලියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රීඩාවට බලපානු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය ස්ථිරවම එහි පැවැත්වෙන බව ක්‍රිකට් ආරංච් මාර්ග පවසනවා.

මේ අතර අද තරගය හා ලබන බ්‍රහස්පතින්දා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම අතිශය වැදගත් වී තිබෙනවා.

ඒ එළඹෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් ප්‍රසාද ලකුණු සටහනේ මුල් 8 අතර ශ්‍රී ලංකාව රැදී සිටිම අත්‍යවශ්‍ය වීමෙන්.

ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් 6 මේ වනවිටත් එම තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් අතුරින් දෙකකට පමණක් ඉතිරි අවස්ථාව හිමි වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ රැදී සිටිනවා.

එහෙත් ශ්‍රී ලංකාව සහ අනෙක් කණ්ඩායම් 3 ඉතිරි තරඟවල දක්වන දක්ශතා අනුව ඔවුන්ගේ නවතම ස්ථානයන් තීරණය වෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago