file
ඉන්දියාවේ දිල්ලි නුවරට බලපෑ ඇති අධික වායු දූෂණ තත්ත්වය හේතුවෙන් අද (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙනවා.
වායු දූෂණ තත්වය ගැන සලකා බලා තරගය ගැන තීරණයක් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දිල්ලි වායු දූෂණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට තම සෞඛ්‍ය තත්ත්වය අවදානමේ දැමීමට සිදුව ඇති බව එම කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.
දිල්ලියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රීඩාවට බලපානු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය ස්ථිරවම එහි පැවැත්වෙන බව ක්‍රිකට් ආරංච් මාර්ග පවසනවා.
මේ අතර අද තරගය හා ලබන බ්‍රහස්පතින්දා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම අතිශය වැදගත් වී තිබෙනවා.
ඒ එළඹෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් ප්‍රසාද ලකුණු සටහනේ මුල් 8 අතර ශ්‍රී ලංකාව රැදී සිටිම අත්‍යවශ්‍ය වීමෙන්.
ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් 6 මේ වනවිටත් එම තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.
ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් අතුරින් දෙකකට පමණක් ඉතිරි අවස්ථාව හිමි වෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ රැදී සිටිනවා.
එහෙත් ශ්‍රී ලංකාව සහ අනෙක් කණ්ඩායම් 3 ඉතිරි තරඟවල දක්වන දක්ශතා අනුව ඔවුන්ගේ නවතම ස්ථානයන් තීරණය වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…