Friday, June 5, 2026
Homeක්‍රීඩා2023 ක්‍රිකට් ලෝක කුසලානය ඉහළ අභ්‍යාවකාශයට

2023 ක්‍රිකට් ලෝක කුසලානය ඉහළ අභ්‍යාවකාශයට

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කිරීමේ චාරිකාව දර්ශනික ආකාරයෙන් ආරම්භ කර තිබේ.

ලොව වටා සිටින ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් රසිකයන්ට ලෝක කුසලානය දැක බලා ගැනීමට මින් අවස්ථාව සැලසේ.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ගෙන ඒමට පෙර පෘථිවියේ සිට අඩි 120,000ක් ඉහළට ගෙන ගොස් තිබේ.

ගෝලාකාර බැලූනයක් මගින් කුසලානය අභ්‍යවකාශය වෙත ගෙන ගොස් 4K කැමරා යොදාගනිමින් කුසලානයේ විශ්මය ජනක ඡායාරූප රැසක් ගෙන ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන ඉන්දියාව ඇතුළු රටවල් 18ක ක්‍රිකට් ලෝලින් වෙනුවෙන් පෞද්ගලිකව කුසලානය දැක බලා ගැනීමට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

file
READ:   ජල සම්පාදන සේවක වැඩවර්ජනය අත්හිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්