Tuesday, September 8, 2026
Homeදේශීයහොරට රට යවන්න ව්‍යාජ ලේඛන සැදූ මධ්‍යස්ථානයක් වටලයි..

හොරට රට යවන්න ව්‍යාජ ලේඛන සැදූ මධ්‍යස්ථානයක් වටලයි..

කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් සෝදිසි කර ඇත.

කැනඩා රටෙහි අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය විසින් මෙම සෝදිසි කිරීම සිදුකර තිබේ.

එහිදී එම මධ්‍යස්ථානයේ තිබී ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් පරිගණක 03ක්, ලැප්ටොප් යන්ත්‍ර 03 ක්, මුද්‍රණ යන්ත්‍ර 04ක්, ස්කෑන් යන්ත්‍රයක්, ව්‍යාජ තැන්පතු සහතික සහ ගිණුම් ප්‍රකාශන ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විවධ නිල මුද්‍රා සහ මුදලින් රුපියල් 1,187,130ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් විසින් වීසා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ නමින් විවිධ වත්කම් ප්‍රකාශන, ස්ථාවර තැන්පතු සහතික හා ගිණුම් ප්‍රකාශන ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 68ක් වූ සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාරියන් වයස අවුරුදු 47,45,31,28 හා 23 යන වයස්වල පසුවන වත්තල,රාගම හා කැලණිය ප්‍රදේශයන්වල පදිංචිකාරියන් වේ.

ඔවුන් අද (27) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි - අධ්‍යාපන ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්