file
පොලිස් මාර්ග බාධක වල රාජකාරී සම්බන්ධයෙන් තමන් කිසිසේත් සැහීමකට පත් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
පොලිසියේ දුර්වලතාවයෙන් පාතාලය හිස ඒසවීම ගැන පොලිසිය ලැජ්ජා විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව පැවසුවේ දිවයින පුරා සිදුවන අපරාධ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සමග අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.
“අද ඉඳලා කුඩු ද පාතාලේ ද කසිප්පුද හැමදේකටම ඒ පොලිස් ඒරියා එකේ ඕ.අයි.සී වගකියන්න ඕනී.”නැත්තම් මං ඒ ඕ.අයි.සී අයින් කරනවා.”
“බුද්ධි අංශය පාවිච්චි කරලා මං හැමදෙයක්ම හොයනවා. හැම පොලිස් ඒරියා එකේම. ඒ රිපෝර්ට්ස් උඩ තමයි මීට පස්සේ ඕ.අයි.සී කෙනෙක් තියනවද නැද්ද කියලා තීරණය වෙන්නේ.”
“ඕගොල්ලන්ට ලැජ්ජාවක් නැද්ද යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නකොට පාතාලේ එකෙකුට කෝල් කරලා තර්ජනය කරන්න පුළුවන් තත්ත්වයකට දැන් වැටිලා තියෙන්නේ.”
“සමහර ඕ.අයි.සි ලා මන් දන්නවා පාතාලේ අයගේ උදවිය එක්ක සම්බන්ධතා තියෙනවා. කෝල් කරනවා. කරුණාකරලා නවත්තගන්න.”
“අද කතාකෙරුවට පස්සේ කිසිම අනුකම්පාවක් නෑ.”
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…