Thursday, July 16, 2026
Homeක්‍රීඩාඅයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයට

අයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයට

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අයර්ලන්ත ය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 133ක විශිෂ්ට ජයක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව super six වටයට සුදුසුකම් ලබා ගැනීමට අද සමත් වුණා.

සිය මංගල එක්දින ශතකය ලබා ගනිමින් ලකුණු 103ක් ලබා ගත් දිමුත් කරුණාරත්න මෙම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 79කට කඩුලු 5ක් දවා ගැනීම ද විශේෂත්වයක්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 පන්දු 5ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්තයට පන්දුවාර 31ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 192ක් පමණයි.

READ:   ඇමති ජී.එල්.ට කොරෝනා නැහැ
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්