Tuesday, September 8, 2026
Homeදේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුමේ වැඩි දියුණු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.

එ අනුව හෙට (04) පස්වරු 7 සිට පසුදා (05) පෙරවරු 5 දක්වා පැය 10 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බැවින් අවශ්‍යතා පරිදි ජලය රැස්කර තබාගන්නා ලෙස ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙනවා.

READ:   ජනපති යළි දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්