ක්‍රීඩා

ශ්‍රී ලංකාව ලෝක කුසලානයක ලැජ්ජා සහගතම පරාජයක් ලබයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ලකුණු 302ක දැවැත්ත පරතරයකින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව ට කිසිදා අමතක නොවන අමිහිරි පරජයක් උරුම කර දෙමින්.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී Shubman Gill ලකුණු 92 (92) ක්, Virat Kohli ලකුණු 88 (94) ක් සහ Shreyas Iyer ලකුණු 82(56) ක් වශයෙන් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ දිල්ශාන් මධුසංක කඩුලු 5ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසාන වීමටත් පෙර සියලු දෙනා දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් වන

*පැතුම් නිස්සංක – 0 (1)
*දිමුත් කරුණාරත්න – 0 (1)
*සදීර සමරවික්‍රම – 0 (4)

එක ලකුණක් හෝ නොලබා දැවී ගියේ දහසක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලින්ට ක්‍රිකට් එපාකරවමින්.

එම තීරණාත්මක මොහොතේ පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක රැස් කළේ ලකුණු 2ක් පමණයි.

මැද පෙළ වගකීම හිමි ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 12කට දැවී ගියා.

ඒ අනුව පන්දුවාර 10 වන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වුණේ ලකුණු 14ට කඩුලු 6ක් ලෙසයි.

ලකුණු 50 සීමාවට පහළින් ශ්‍රී ලංකාව දවා ගැනීමට ඉන්දියාවට තිබූ අවස්ථාව වැළැක්වීමට මහීෂ් තීක්ෂණ හා කසුන් රාජිතගේ ඉවසිලිවන්ත බව හේතුවක් වුණා.

ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 12 සහ 14 ක් වශයෙන් රැස් කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ලකුණු 14ක් රැස් කළ කසුන් රාජිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 55ක් වශයෙන් කල්තියා අවසන් වුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago