file
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ලකුණු 302ක දැවැත්ත පරතරයකින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ ශ්‍රී ලංකාව ට කිසිදා අමතක නොවන අමිහිරි පරජයක් උරුම කර දෙමින්.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 357ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී Shubman Gill ලකුණු 92 (92) ක්, Virat Kohli ලකුණු 88 (94) ක් සහ Shreyas Iyer ලකුණු 82(56) ක් වශයෙන් රැස් කළා.
අගනා පන්දු යැවීමක නිරත වූ දිල්ශාන් මධුසංක කඩුලු 5ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසාන වීමටත් පෙර සියලු දෙනා දැවී ගියා.
ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් වන
*පැතුම් නිස්සංක – 0 (1)
*දිමුත් කරුණාරත්න – 0 (1)
*සදීර සමරවික්‍රම – 0 (4)
එක ලකුණක් හෝ නොලබා දැවී ගියේ දහසක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලින්ට ක්‍රිකට් එපාකරවමින්.
එම තීරණාත්මක මොහොතේ පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක රැස් කළේ ලකුණු 2ක් පමණයි.
මැද පෙළ වගකීම හිමි ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 12කට දැවී ගියා.
ඒ අනුව පන්දුවාර 10 වන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වුණේ ලකුණු 14ට කඩුලු 6ක් ලෙසයි.
ලකුණු 50 සීමාවට පහළින් ශ්‍රී ලංකාව දවා ගැනීමට ඉන්දියාවට තිබූ අවස්ථාව වැළැක්වීමට මහීෂ් තීක්ෂණ හා කසුන් රාජිතගේ ඉවසිලිවන්ත බව හේතුවක් වුණා.
ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 12 සහ 14 ක් වශයෙන් රැස් කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ලකුණු 14ක් රැස් කළ කසුන් රාජිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 55ක් වශයෙන් කල්තියා අවසන් වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…