file
ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතාගේ වියෝව සම්බන්ධයෙන් ඉන්දිය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා අදහස් දක්වා තිබෙනවා.
කුමන තත්වයක වුවද කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තනි නොකළ පර්සි අබේසේකර මහතා විශිෂ්ට දිරිගන්වන්නෙකු බව ෂර්මා පවසනවා.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සම්බන්ධවෙමින් රෝහිත් ෂර්මා මේ බව පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කළා.
2005 වසරේදී තමන්ට පළමුව පර්සි අබේසේකර මහතා මුණගැසුණු බවත් එතරම් කැපවීමෙන් අව්‍යාජව කණ්ඩායමක් දිරිගැන්වූ අයෙක් තමන්ට මුණ ගැසී නැති බවත් රෝහිත් ෂර්මා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දී පැවති ආසියානු කුසලාන තරගාවලිය අතරතුර රෝහිත් ෂර්මා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් පර්සි අබේසේකර මහතාගේ සුවදුක් බැලීම සඳහා ඒ මහතාගේ නිවසට ද ගොස් තිබුණා.
පර්සි අබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ලේ දී සිදු කිරීමට නියමිතයි.
පුවත දැක්වෙන විඩියෝව පහතින්,
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…