Saturday, April 25, 2026
Homeදේශීය"මම දැකපු ප්‍රථම ක්‍රිකට් රසිකයා පර්සි අංකල්" - ඉන්දීය සුපිරි ක්‍රීඩක රෝහිත්...

“මම දැකපු ප්‍රථම ක්‍රිකට් රසිකයා පර්සි අංකල්” – ඉන්දීය සුපිරි ක්‍රීඩක රෝහිත් පර්සි අබේසේකර ගැන සන්වේදී වෙයි (විඩියෝව)

ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතාගේ වියෝව සම්බන්ධයෙන් ඉන්දිය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා අදහස් දක්වා තිබෙනවා.

කුමන තත්වයක වුවද කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තනි නොකළ පර්සි අබේසේකර මහතා විශිෂ්ට දිරිගන්වන්නෙකු බව ෂර්මා පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සම්බන්ධවෙමින් රෝහිත් ෂර්මා මේ බව පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කළා.

2005 වසරේදී තමන්ට පළමුව පර්සි අබේසේකර මහතා මුණගැසුණු බවත් එතරම් කැපවීමෙන් අව්‍යාජව කණ්ඩායමක් දිරිගැන්වූ අයෙක් තමන්ට මුණ ගැසී නැති බවත් රෝහිත් ෂර්මා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දී පැවති ආසියානු කුසලාන තරගාවලිය අතරතුර රෝහිත් ෂර්මා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් පර්සි අබේසේකර මහතාගේ සුවදුක් බැලීම සඳහා ඒ මහතාගේ නිවසට ද ගොස් තිබුණා.

file

පර්සි අබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ලේ දී සිදු කිරීමට නියමිතයි.

පුවත දැක්වෙන විඩියෝව පහතින්,

file
READ:   මාස තුනක් වැඩිහිටි දීමනාව ගෙවලා නෑ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්