Sunday, June 14, 2026
Homeදේශීයසවස 2න් පස්සේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

සවස 2න් පස්සේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

අද (02) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි

නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්වල උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   මහර බන්ධනාගාර සිද්ධියේ අදිසි හස්තයක් තියෙනවා - බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්