file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 241ක් පමණයි.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 46ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් සදීර සමරවික්‍රම ලකුණු 36ක් වශයෙන් රැස් කළා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Fazalhaq Farooqi ශ්‍රී ලංකාවේ කඩුලු 04ක් බිඳ දැමුවා.
ලකුණු 242ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථානය කඩුලු තුනක් පමණක් දැවී පන්දුවාර 4යි පන්දු 2ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Azmatullah Omarzi නොදැවී ලකුණු 73ක් පන්දු 63කින් රැස් කළා.
Rahmat Shah ලකුණු 62 (74) යි.
ඇෆ්ගනිස්ථානය ජයග්‍රාහණය කරා ගෙන යමින් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ Hashmatullah Shahidi ලකුණු 58 (74) යි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU