ආගමික

වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහොය අදට (28) යෙදී තිබෙනවා.

සත්වන වස් කාලය ගත කිරීම උදෙසා තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙවිලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිට ඇත්තේ අද වැනි පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

වප් මාසය චීවර මාසය ලෙස හඳුන්වන අතර වස්සාන සමයේ පෙරවස් එළඹි භික්ෂුන් වහන්සේලා තෙමසකින් පසු වස් පවාරණය කිරීම සිදුකිරීම වැනි සුවිශේෂී සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුවූ බව සඳහන්.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ඉතිහාසයේ සුවිශේෂීතම සිදුවීමක් වන විනය පිටකය සංඝායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රාශියක් වප් පුර පසළොස්වක පොහෝ දිනයේ දී සිදුවූ බව ශාසන ඉතිහාසය සඳහන් කරනවා.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ශ්‍රද්ධා පෙරදැරිව ලෝකවාසී බෞද්ධ ජනතාව වප් පුර පසළොස්වක පොහෝ දිනය සමරණු ලබයි.

Recent Posts

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

20 mins ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

1 hour ago

කුසලාන ප්‍රදානය ගැන ප්‍රශ්නයකට චමරිගෙන් තියුණු පිළිතුරක්

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…

2 hours ago

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago