දේශීය

හරක් කටා කුඩු සළිඳු බේරාගන්න ‘ඩූ ඕ ඩයි’ මෙහෙයුම කෝටි 100ක කොන්ත්‍රාත්තුවක්?

හරක් කටා සහ කඩු සළිඳු බේරා ගැනීමට ක්‍රියාත්මක වූ මෙහෙයුම රුපියල් කෝටි 100ක කොන්ත්‍රාත්තුවක් බවට විමර්ශන වලදී හෙළිවී ඇති බව මව්බිම වාර්තා කරනවා.

හිටපු හමුදා කමාන්ඩෝ සෙබලුන් විසින් සැලසුම් කළ මෙම මෙහෙයුම ‘ඩූ ඕ ඩයි’ ලෙස හඳුන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් පුවත් පත සඳහන් කරනවා.

නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ශිත හෙවත් ‘කුඩු සළිඳු’ යන පාතාල අපරාධ කරුවන් රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම අඩුම තරමින් රුපියල් කෝටි සියයක කොන්ත්‍රාත්තුවකට කරන්න ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කොන්ත්‍රාත්තුවට අනුව අදාළ මෙහෙයුමේදී ආරක්ෂක අංශ විසින් එල්ලකරන ප්‍රහාර හමුවේ තමන් ඝාතනය වුවහොත් තමන්ගේ දරු පවුල්වලට සැලකියයුතු ආකරයත් එම කමාන්ඩෝ සෙබලුන් කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයාට පොරොන්දු වී තිබෙනවා.

මෙහෙයුම සැලසුම් කිරීමේදී අධි තාක්ෂණික දුරකථන උපකරණ යොදා ගෙන මෙරට සිට විදේශ රටකට සම්බන්ධ වී ඇති ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා යුධ හමුදා කමාන්ඩෝ බලකායේ විශේෂ පුහුණුව ලත් එල්.ටී.ටී යුධ සමයේ ක්‍රියාන්විතයේ සිටි අය බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Recent Posts

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

6 days ago

රඹෑව බස් අනතුරෙන් 5 දෙනෙකු මරුට

 රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…

7 days ago

Anyone Can Post, But Should Everyone Be Believed?

One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…

7 days ago

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

2 weeks ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

2 weeks ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 weeks ago