හරක් කටා සහ කඩු සළිඳු බේරා ගැනීමට ක්‍රියාත්මක වූ මෙහෙයුම රුපියල් කෝටි 100ක කොන්ත්‍රාත්තුවක් බවට විමර්ශන වලදී හෙළිවී ඇති බව මව්බිම වාර්තා කරනවා.
හිටපු හමුදා කමාන්ඩෝ සෙබලුන් විසින් සැලසුම් කළ මෙම මෙහෙයුම ‘ඩූ ඕ ඩයි’ ලෙස හඳුන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් පුවත් පත සඳහන් කරනවා.
නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ශිත හෙවත් ‘කුඩු සළිඳු’ යන පාතාල අපරාධ කරුවන් රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම අඩුම තරමින් රුපියල් කෝටි සියයක කොන්ත්‍රාත්තුවකට කරන්න ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කොන්ත්‍රාත්තුවට අනුව අදාළ මෙහෙයුමේදී ආරක්ෂක අංශ විසින් එල්ලකරන ප්‍රහාර හමුවේ තමන් ඝාතනය වුවහොත් තමන්ගේ දරු පවුල්වලට සැලකියයුතු ආකරයත් එම කමාන්ඩෝ සෙබලුන් කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයාට පොරොන්දු වී තිබෙනවා.
මෙහෙයුම සැලසුම් කිරීමේදී අධි තාක්ෂණික දුරකථන උපකරණ යොදා ගෙන මෙරට සිට විදේශ රටකට සම්බන්ධ වී ඇති ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා යුධ හමුදා කමාන්ඩෝ බලකායේ විශේෂ පුහුණුව ලත් එල්.ටී.ටී යුධ සමයේ ක්‍රියාන්විතයේ සිටි අය බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


