දේශීය

මාසයක් තුළ පාසල් දැරියන් 168ක් අපයෝජනය කරලා

සැප්තැම්බර් මාසය තුළ පමණක් වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් 168දෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පවසනවා.

එම දරුවන් අතරින් දරුවන් 22ක් ගර්භනී තත්ත්වයට පත්ව ඇති බවයි ඇය සඳහන් කළේ.

ප්‍රේම සම්බන්ධතා නිසා දැරියන් 15ක්, බලහත්කාරයෙන් අපයෝජනය කිරීම නිසා දැරියන් 7 දෙනෙකු එලෙස ගැබ් ගෙන ඇති බව අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

මෙම තත්ත්වයට සමස්ත පොලීසිය වග කිව යුතු බවත් මෙවැනි පුද්ගලයින්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඇය පෙන්වා දෙනවා.

“අනාගතයේ දී පියවරුන් නැති දරුවන් විසි දෙදෙනෙක් මේ ලෝකෙට බිහි වෙනවා කියන කණගාටුදායක ආරංචිය කියන්න වෙනවා. මේකට මුළු පොලීසියම වගකිව යුතුයි. මේ අයගෙන් 90%ක්ම කිසියම් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කළ පුද්ගලයින්.”

video file

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

5 hours ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

5 hours ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

2 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

4 days ago