Wednesday, July 22, 2026
Homeදේශීයඅද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි

අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි

අභිනව ජනාධිපතිවරයාගේ පත් වීමෙන් අනතුරව පළමු පාර්ලිමේන්තු සැසි වාරය අද පෙ.ව 10 ට රැස්වීමට නියමිතයි. විශේෂයෙන් අද පාර්ලිමේන්තුව තුළ දී මහජන ආරක්ෂක පනත යටතේ මහජන ආරක්ෂාව රටේ යථා පැවැත්ම, අත්‍යවශ්‍ය සේවා ආදියට බලපාන එවකට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර සිටි හදිසි අවස්ථා ප්‍රකාශනය අද දින පාර්ලිමේන්තුව තුළ දී අනුමත කර ගැනීමට නියමිත වනවා. ඒ සඳහා වන විවාදය ප.ව 4.30 දක්වා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ දිව්රුම් දීමෙන් හිස් වූ එතුමාගේ මන්ත්‍රී ආසනය සඳහා වජිර අබේවර්ධන මහතා දිව්රුම් දීමට නියමිතයි.

READ:   අභිනව ජනාධිපතිවරයාගේ දිව්රුම් දීම අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්