file
අද (23) සිදු කළ කැබිනට් සංශෝධනය ගැන පොදුජන පෙරමුණ සිය කනස්සල්ල පළ කර සිටිනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය අරන් දී ආණ්ඩුව ගෙන යෑම සඳහා ශක්තිය ලබා දෙන පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් ඉන් වැරදි සහගත ලෙස කටයුතු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“කෙහෙලියට විරුද්ධව බොරු චෝදනා නැගුවා. අන්තිමට ඒ ඔක්කොම බොරුවක් බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව රමේෂ් පතිරණ වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන එතුමා සෞඛ්‍ය ඇමති ලෙස පත් කර තිබෙනවා. කෙස් වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අපි දැනුවත් කරා. පාර්ලිමේන්තුවේ ජනාධිපතිට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අතිබහුතරයක් මේ ශක්තිය දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ 5 දෙනයි. නමුත් මෙතනිනුත් අමාත්‍ය ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය අමාත්‍ය ධුරයකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීම සම්බන්ධයෙන් අපි සතුටු වෙන් නෑ. ඒක වැරදි දෙයක්. වැරදිදේට වැරදි කියන්න අපි බය වෙන් නෑ. ජනාධිපතිතුමාට එසේ නොකර සිටින්න තිබ්බා. පක්ෂයක් හැටියට අපිට ලොකු කළකිරීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ලොකු වේදනාවක් තියෙනවා. එතුමාට ජනාධිපති ධුරය අරන්දීලා ශක්තිය දීලා එතුමා අපිට මේ විදිහට කරන එක ගැන.”
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…