Saturday, July 25, 2026
Homeදේශීයරනිල් ගැන පොහොට්ටුවේ හොඳ හිත බිඳෙයි

රනිල් ගැන පොහොට්ටුවේ හොඳ හිත බිඳෙයි

අද (23) සිදු කළ කැබිනට් සංශෝධනය ගැන පොදුජන පෙරමුණ සිය කනස්සල්ල පළ කර සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය අරන් දී ආණ්ඩුව ගෙන යෑම සඳහා ශක්තිය ලබා දෙන පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් ඉන් වැරදි සහගත ලෙස කටයුතු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“කෙහෙලියට විරුද්ධව බොරු චෝදනා නැගුවා. අන්තිමට ඒ ඔක්කොම බොරුවක් බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව රමේෂ් පතිරණ වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන එතුමා සෞඛ්‍ය ඇමති ලෙස පත් කර තිබෙනවා. කෙස් වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අපි දැනුවත් කරා. පාර්ලිමේන්තුවේ ජනාධිපතිට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අතිබහුතරයක් මේ ශක්තිය දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ 5 දෙනයි. නමුත් මෙතනිනුත් අමාත්‍ය ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය අමාත්‍ය ධුරයකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීම සම්බන්ධයෙන් අපි සතුටු වෙන් නෑ. ඒක වැරදි දෙයක්. වැරදිදේට වැරදි කියන්න අපි බය වෙන් නෑ. ජනාධිපතිතුමාට එසේ නොකර සිටින්න තිබ්බා. පක්ෂයක් හැටියට අපිට ලොකු කළකිරීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ලොකු වේදනාවක් තියෙනවා. එතුමාට ජනාධිපති ධුරය අරන්දීලා ශක්තිය දීලා එතුමා අපිට මේ විදිහට කරන එක ගැන.”

READ:   අප්පච්චි අන්තිම වෙනකන් හුස්ම ගත්තේ අපි රෝහලට පරිත්‍යාග කරපු මැෂින් එකෙන් - ඒකට කොච්චර දේවල් කිවුවද? - සජිත ඇන්තනි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්