Tuesday, July 28, 2026
Homeදේශීයපළාත් 5කට මි.මී 100 ඉක්මවූ වැසි..

පළාත් 5කට මි.මී 100 ඉක්මවූ වැසි..

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   අධික සීතලෙන් මිය ගිය සතුන් සංඛ්‍යාව 1000 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්