file
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද (Online) පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඒ අනුව මේ වන විට එම පනත් කෙටුම්පතට එරෙහිව ලැබී ඇති පෙත්සම් ගණන 45ක් බව කතානායකවරයා ප්‍රකාශ කළා.
ඒ අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්.
ඉකුත් 3 වනදා මහජන අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබුවා.
ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසමක් මගින් සමාජ මාධ්‍ය ඇතුළු සියලු ප්‍රකාශනයන් පාලනය කිරීමට අදාළ නීති පැනවීම මෙම පනතින් සිදුකරයි.
කොමිසමේ නියෝග මත සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු ප්‍රකාශනයන් පාලනය, අවහිර කිරිම, තහනම් කිරීම මෙන්ම එවා සම්බයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙම පනතින් යොජනා කර තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…