Tuesday, May 26, 2026
Homeදේශීයඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්!

ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද (Online) පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට එම පනත් කෙටුම්පතට එරෙහිව ලැබී ඇති පෙත්සම් ගණන 45ක් බව කතානායකවරයා ප්‍රකාශ කළා.

ඒ අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්.

ඉකුත් 3 වනදා මහජන අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසමක් මගින් සමාජ මාධ්‍ය ඇතුළු සියලු ප්‍රකාශනයන් පාලනය කිරීමට අදාළ නීති පැනවීම මෙම පනතින් සිදුකරයි.

කොමිසමේ නියෝග මත සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු ප්‍රකාශනයන් පාලනය, අවහිර කිරිම, තහනම් කිරීම මෙන්ම එවා සම්බයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙම පනතින් යොජනා කර තිබෙනවා.

READ:   13 ගැන දෙමළ මන්ත්‍රීවරු සමග පමණක් නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතුයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්