Saturday, April 25, 2026
Homeදේශීයසීත කාමරවල ඉන්න ලොක්කොන්ට ගොවියො කුඹුරෙ ඉඳන් කනට ගහයි

සීත කාමරවල ඉන්න ලොක්කොන්ට ගොවියො කුඹුරෙ ඉඳන් කනට ගහයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අංක 212 ග්‍රාම සේවා තුලනට අයත් මීමින්නාවල ගම්වාසීන් ගොවිතැන මූලික කරගත් ජීවන රටාවකට හිමිකම් කියන අතර වසර ගණනාවක සිට පවතින අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් ඉල්ලා තමා පත්කරගත් දේශපාලන අධිකාරියට හා අදාල රාජ්‍ය බලධාරීන් වෙත ලිඛිත සහ වාචිකව දැනුවත් කර ඇත්තේ මෑත කාලයක සිට නොවන බව ගම්වාසීන් පවසනවා.

අද වන විට රජය මැදිහත්වීමෙන් ඉදිකිරිම් ආරම්භකර ඇති අලිවැට හේතුවෙන් මිමින්නාවල ගම්වාසින් ගේ වගාභුමි තමන්ට අහිමි වන බව එහි ගොවින් පෙන්වා දෙනවා.

දිර්ගකාලයක සිට වන අලින්ගෙන් බැටකෑ මෙම ගම්මානයේ ජනතාව , ගම හා වගාභුමි රැකගැනීම සදහා අලි වැටක් ඉදිකර තම ජීවිත , දේපළ, හා වගා භූමි වලට වන අලින්ගෙන් එල්ලවන තර්ජනය අවම කර ගැනීමට බවත් අද වන විට රජය මැදිහත්වීමෙන් තම ගම්මානය වටා විදුලි වැටක් ආරම්භ කර ඇතත් තමන්ට තම වගා භූමි අහිමි වෙන පරිදි විදුලි වැට ඉදිකිරීම සිදුකරන බව පෙන්වා දෙන ගම්වාසී බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිට තම ජනජිවිත රැකගැනීම උදෙසා වගාකල භුමි තමන්ට අහිමි නොකර අලිවැට ඉදිකරණ ලෙසයි.

මේ අතර මිමින්නාවල ප්‍රදේශයේ ගොවිජනතාවට පවතින ඉහත ගැටළුව පිළිබද සොයා බැලීම සදහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් ඇතුළු එම සංවිධානයේ පිරිසක් එම ප්‍රදේශයේ සංචාරයක ට එක්වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාද තෙන්නකෝන් මහතා..

” රජයේ ඉහල නිලධාරීන් තීන්දු තීරණ ගන්නේ ටයි කෝට් දාගෙන, සීතල කාමර වල ඉඳගෙන, ඒ අය කවුරුත් භූමියට එන්නෙ නෑ, ගන්න තීන්දුව කොළඹ ඉඳන් ගන්නවා, භූමිය ගැන හරි අවබෝධයක් නෑ.මේ ගම්මානවල ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ අලි වැට ඉල්ලුවේ , වගාවයි ජීවිතයි දෙපළයි අලින්ගෙන් ආරක්ෂා වෙන්ඩ විදුලි වැටක් දෙන්න කියලා. ගොවියන්ගේ ගොවි භූමි අහිමි කරලා.එතකොට මේ ගොවි ජනතාව ජීවත් වන්නේ කොහොමද.ගොවිතැන හැර මේ අයට වෙනත් ජීවනෝපායක් නෑ.2023 සැප්තැම්බර් මාසේ අලි මිනිස් ගැටුමට තිත තියන්න කියලා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යවනවා.ඒකෙ මෙහෙම සඳහන් වෙනවා මේ කාලේ මාස් කන්නයේ කන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා,වී අස්වැන්න නෙලුවට පස්සේ කුඹුරේ ඉතුරුවෙන ඉපනැල්ල ආහාරයට ගන්න ගන්න වනඅලි රුචිකත්වයක් දක්වනවා ලු…මොනාලි අද කන්නේ ඉපනැල්ල..හේනක් කරලා හේන් අතහැරි හාම එන නව දල්ල කන්නනම් අලි ප්‍රිය කරනවා. ඉතින් මේකෙන්ම තේරෙනවා , මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යල මහ දෙක හා ඉපනැල්ල නව දැල්ල වත් අඳුරක් නෑ කියලා..අනික සැප්තැම්බර් මාසයේ මහ කන්න සඳහා ගොයම් කපනවා ලු , මෙහෙම කියන අය තමා කොළඹ ඉඳන් අලි වැටවල් ගහන්න තීන්දු තීරණ ගන්නේ.මේ ගහන විදිහ අලි වැට ගැහුවත් ගොවි ජනතාවට සෙතක් වෙන්නේ නැහැ.ගොවීන්ට වගා කරන්න තියෙන භූමිය අහිමි කරලා අලි වැට ගහනවට වඩා , අලි වැට නොගහ මේ මිනිස්සු අලියට ගොදුරු වෙන්ඩ දීලා බලන් ඉන්න එක හොඳයි කියලා තමා මේ ගොවියෝ කියන්නේ.ඒ නිසා මේ රජයේ රජය නිලධාරීන්ටත් බලධාරීන්ට අපි මතක් කරන්නේ .ගොවීන්ගේ කීමටත් කන් දෙන්න කියලා.”

READ:   වැටුප් වැඩි කිරීමේ තීරණය ගත්තේ මාස කීපයකට කලින් - මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්