file
සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
සාමාජ මාධ්‍ය නිදහස ඕනෑම අයෙකුට ඇති නමුත්, එය අනෙකාට අපහාස කිරීම හෝ පළිගැනීමේ චේතනාන්විතව යොදා ගැනීම වැළැක්වීමට නීති රීති ගෙන එන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදියක් මෙන්ම පර්යේෂණාත්මක පුරවැසියකු නිර්මාණය වන බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙනවා.
අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙන පුද්ගලයින්ට දඩුවම් ලබා දීම සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියක් හරහා බවත් කොමිසට දඩුවම් ලබාදීමේ අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…