දේශීය

ඉවසල බැරිම තැන මහවැව හදන්න පෙරමුණ ගත්ත ගමේ තරුණයෝ ටික

වසර ගනනාවක් නිසිදු බලධාරියකුගේ අවදානයට ලක් නොවු වැව ගම්මානයේ තරුණ පිරිස ප්‍රතිසංස්කරණය කරයි..

කොපමණ දැනුවත් කළද බලධාරීන්ගේ අවධානය නොලැබීයාම හේතුවෙන් තමන්ට ඇති එකම ජල මූලාශ්‍රය වන මහවැව ගමේ තරුණ පිරිස එක්ව ප්‍රතිසංස්කරණය කර ඇති පුවතක් කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 213 අඹගහවැව දුෂ්කර ගම්මානයේ පිහිටි මහපොතාන මහවැවයි.

පසුගිය කාලයේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් ගම්මානයේ වැඩිහිටි ප්‍රජාව ඇතුළු ජනතාව ජල ස්නානය කිරීමට තිබූ එකම වැව වන මහපොතාන වැව සිදීයාම නිසා ප්‍රදේශයේ සමස්ත ජනතාවට ම දැඩි අර්බුධයකට මුහුණ පෑමට සිදුවුණා.

තමන්ට ඇති එකම ජල මූලාශ්‍රය වන මහවැව වසර ගණනාවක සිට කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවී ගොඩ වී විනාශ වීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවද කිසිවෙකුගේ අවධානය යොමු නොවීම මත දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

මහපොතාන මහවැවෙහි ස්ථිර නාන තොටුපලෙහි ඉදි කිරීමේ කටයුතු මේ දිනවල සිදුවනවා.

ගම්මානයේ හදවත බඳු වූ වැවෙහි ආරම්භයේ සිට මේ දක්වා ස්ථිර නාන තොටුපලක් නොමැතිකමින් පීඩාවට පත් ගමේ වැඩිහිටි පරම්පරාවට ද සහනයක් සැලසීම මුල්කරගෙන ගමේ තරුණ පිරිස එක්ව වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ තරුණ පිරිසේ මූල්‍ය දායකත්වය හා ශ්‍රම දායකත්වය ඒ සඳහා ශක්තියක් කර ගනිමින්.

ඒ අනුව මහපොතාන මහවැවෙහි ස්ථිර නාන තොටුපලෙහි ඉදි කිරීමේ කටයුතු මේ දිනවල සිදුවනවා.

මෙලෙස ඉදිකරනු ලබන නාන තොටුපල කිසිදු රජයේ හෝ දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුකිරිම පැසසුම් සහගත වන අතර වැඩිහිටි ප්‍රජාවගේ ජල ස්නානය සඳහා තරුණ පිරිස එය ඉදි කිරිම අගය කල යුතු නොවේද?

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

5 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

5 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

7 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

7 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

7 days ago