file
කොපමණ දැනුවත් කළද බලධාරීන්ගේ අවධානය නොලැබීයාම හේතුවෙන් තමන්ට ඇති එකම ජල මූලාශ්‍රය වන මහවැව ගමේ තරුණ පිරිස එක්ව ප්‍රතිසංස්කරණය කර ඇති පුවතක් කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙලෙස ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 213 අඹගහවැව දුෂ්කර ගම්මානයේ පිහිටි මහපොතාන මහවැවයි.
පසුගිය කාලයේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් ගම්මානයේ වැඩිහිටි ප්‍රජාව ඇතුළු ජනතාව ජල ස්නානය කිරීමට තිබූ එකම වැව වන මහපොතාන වැව සිදීයාම නිසා ප්‍රදේශයේ සමස්ත ජනතාවට ම දැඩි අර්බුධයකට මුහුණ පෑමට සිදුවුණා.
තමන්ට ඇති එකම ජල මූලාශ්‍රය වන මහවැව වසර ගණනාවක සිට කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවී ගොඩ වී විනාශ වීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවද කිසිවෙකුගේ අවධානය යොමු නොවීම මත දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවූ බව ප්‍රදේශවාසීන් පවසනවා.
ගම්මානයේ හදවත බඳු වූ වැවෙහි ආරම්භයේ සිට මේ දක්වා ස්ථිර නාන තොටුපලක් නොමැතිකමින් පීඩාවට පත් ගමේ වැඩිහිටි පරම්පරාවට ද සහනයක් සැලසීම මුල්කරගෙන ගමේ තරුණ පිරිස එක්ව වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ තරුණ පිරිසේ මූල්‍ය දායකත්වය හා ශ්‍රම දායකත්වය ඒ සඳහා ශක්තියක් කර ගනිමින්.
ඒ අනුව මහපොතාන මහවැවෙහි ස්ථිර නාන තොටුපලෙහි ඉදි කිරීමේ කටයුතු මේ දිනවල සිදුවනවා.
මෙලෙස ඉදිකරනු ලබන නාන තොටුපල කිසිදු රජයේ හෝ දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුකිරිම පැසසුම් සහගත වන අතර වැඩිහිටි ප්‍රජාවගේ ජල ස්නානය සඳහා තරුණ පිරිස එය ඉදි කිරිම අගය කල යුතු නොවේද?
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…