Friday, July 24, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා රජයේ වෛද්‍යවරුන් ජනපති සමග විශේෂ සාකච්ඡාවක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා රජයේ වෛද්‍යවරුන් ජනපති සමග විශේෂ සාකච්ඡාවක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වෙනවා.

මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ පා ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසුවා.

අදාළ ගැටලු විසඳීමට ජනාධිපතිවරයා මෑතකාලීනව ලබා දුන් පොරොන්දු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව එම සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ද අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ අද සවස 03ට ජනාධිපති කාර්යාලයේ දී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඒ සඳහා සහභාගීවීමට නියමිතයි.

READ:   පියත් නිකේෂලත් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්