ගාලුමුවදොර අරගලයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම් සිදුකළ බ්‍රිතාන්‍ය තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ වීසා බලපත්‍රය තහනම් කිරීමට මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා . ඒ අනුව එළඹෙන 15 වනදාට ප්‍රථම මෙරටින් පිටවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඇයට දැනුම් දී තිබුණා.

මේම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් නීතීඥ නාගහනන්ද මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
දේශපාලනික හේතූන් මත රටක නීතිය භාවිතය සිදු කළ නොහැකි බව නීතිඥ නාගානන්ද පවසනවා.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් ව නීතිය ආරක්ෂා කිරීමට, නීතියේ ආධිපත්‍යය සුරැකීමට සියලුම දෙනා සමානව බැදී සිටින බවත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට ජීවත්වන පුරවැසියාට සහ මෙරටට සංක්‍රමණික පුරවැසියාටත් එක සමාන අයිතිවාසිකම් හිමි කර දෙන බව එතුමන් පෙන්වා දෙනවා.
කැමති මතයක් දැරීම, අදහස් ප්‍රකාශ කිරීම, ක්‍රෑර වදහිංසා වලට ලක් නොවීම.. ආදි වශෙයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10.11.12.14.. ඉදිරියට වගන්ති මගින් මෙරට ජීවත් වන පුරවැසියාගේ පුද්ගලික අයීතීන් තහවුරු කර ඇති බවත්.. එලෙස තිබියදී මෙලෙස කටයුතු කීරීම නීතියේ සිදුව ඇති බිඳ වැටීමක් බවත් එතුමන් පෙන්වා දෙනවා.
මෙම සිදුවීමේන් අර්ථික වශයෙන් අර්බුදකාරී තත්වයක සිටින මෙරටට අභ්‍යන්තරව මෙන්ම ජාත්‍යන්තරය තුළත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දිමට සිදු වෙන බව අවධාරණය කර සිටින එතුමන් .. ” විදේශිකයන් අවශ්‍ය නැතයි.. ඇයට අදාළ නොවන දෙයක් ..අපිට ඩොලර් ලැබෙනවා.. ” යනුවේන් ඇයව විවේචනය කිරීම වැරදි බව පෙන්වා දෙනවා.
හැකි ඉක්මනින් සුදු ජාතික තරුණියට පනවා ඇති නෙරපීමේ නියෝගය ඉවත්කර ගන්නා ලෙසට නීතිඥ නාගානන්ද විසින් මෙහිදි රජයට දැනුම් දී සිටියා.


