Saturday, July 25, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (12) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇතිවිය හැකි බවයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   බිරිඳ⁣ ක්‍රීඩා කරන ක්‍රිකට් තරගය බලන්න පෝලිමේ යන මිචෙල් ස්ටාක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්