Friday, September 11, 2026
Homeදේශීයජැක්සන් ඇන්තනිගේ වියෝව විශ්වවිද්‍යාලයකට ගිනි තිබ්බා වගේ දෙයක් - මේරියන්ස් නලින් පෙරේරා

ජැක්සන් ඇන්තනිගේ වියෝව විශ්වවිද්‍යාලයකට ගිනි තිබ්බා වගේ දෙයක් – මේරියන්ස් නලින් පෙරේරා

ජැක්සන් ඇන්තනී මහතාගේ වියෝව සම්බන්ධයෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා අදහස් පළ කර සිටියා.

ඒ ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියදී.

ජැක්සන් මහතාගෙන් නවපරපුරට ගොඩක් දේ දැන ඉගෙන ගැනීමට තිබූ බව නලින් පෙරේරා මහතා පෙන්වා දෙනවා.

ජැක්සන් ඇන්තනීගේ අහිමිවීම විශ්වවිද්‍යාලයකට ගිනි තැබීමක් හා සමාන බව ඔහු පවසනවා.

“මං හිතන්නේ කලාකරුවකුගේ මහිමය මුළු රටම දකින මොහොතක් මේක.”

“පහුගිය වකවානුවේ අපි දැක්කා ඇතැමුන් ඔහු පිළිබඳව විවිධාකාර දේවල් ෆේස්බුක් පිටුවල ලියලා තිබ්බා.”

“කලාකාමී හදවතක් තියෙන අය නෙවෙයි එවැනි දේවල් කරන්නේ.”

“අවසානයේ මේ කලාකරුවා කරුපු දේ මොනවද කියලා පේනවා මේ මල ගෙදරට එන සෙනඟ දිහා බැලුවම.”

READ:   බයික් අනතුරකින් 27 හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්