Sunday, April 26, 2026
Homeදේශීය51,000ක ලයිට් බිල ලක්ෂ 26ක් කරළා. පාරට හයිකරපු ලයිට් බිලක් මට දාලා - නාමල්ගේ...

51,000ක ලයිට් බිල ලක්ෂ 26ක් කරළා. පාරට හයිකරපු ලයිට් බිලක් මට දාලා – නාමල්ගේ ලයිට් බිල යළි ඇවිලෙයි?

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගෙවූ විදුලි බිල පැටලිලි සහගත එකක් බවත් විදුලි බිල් තුනක් ඇවිත් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

විදුලි බිල විදිහට ඇත්තේ රුපියල් 51,000ක බිලක් පමණක් බව ඔහු ප්‍රකාශ කළා.

තොරතුරු දැනගැනීමේ පනතින් පළමුවෙන් ආ බිල ට්‍රන්ස්ෆෝමරයක් ගැන එකක් බවත්, ජනාධිපති 5වන ආරක්ෂක කොට්ඨාසයට ලැබුණු දෙවන බිලේ ට්‍රාන්ස්ෆෝමරයක් ගැන සඳහනක් නැති බවත් ඔහු පවසනවා.

විදුලි පරිභෝජනය සඳහා 51,000ක් සහ කම්කරුවන් සඳහා ලක්ෂ 12ක් සඳහන් කර පැමිණි බිලෙහි සම්පූර්ණ එකතුව ලක්ෂ 21යි ගාණක් වුවද සනත් නිශාන්ත මහතාට ලක්ෂ 26ක් ගෙවන්න යැයි ප්‍රකාශ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

READ:   තවත් බස් රථයක් අනතුරක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්