දේශීය

BREAKING NEWS: ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

රිය අනතුරකට ලක්ව ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට ඒ මහතා 65 වන වියෙහි පසුවුණා.

වැඩසටහනක් රූ ගත කිරීමට අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි එමින් සිටියදී තලාව මාර්ගයේ – මොරගොඩ ප්‍රදේශයේ දී ජැක්සන් මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටී අනතුරක් සිදුවුණා.

ඉන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

මාස 14 ක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජැක්සන් ඇන්තනී මහතා ප්‍රවීන රංගධරයෙකු සේම ගේය පද රචකයෙක්, ලේඛකයෙක් , නිවේදකයෙක් , විචාරකයෙක්, ගායකයෙක් මෙන්ම ඉතිහාස විශේෂඥයෙකු ලෙස ද කටයුතු කළ ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වෙනවා.

එමෙන්ම ඒ මහතා රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණ කරුවෙකු මෙන්ම මෙරට සිටි ප්‍රවීණ මාධ්‍යවේදීයකු ද වෙනවා.

මෙරට පෞඩ ඉතිහාසය සරලව පැහැදිලිව ජනතාව අතර තැබීමට උත්සහගත් එතුමා එය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය සුවිශේෂී පුද්ගලයෙකු වනවා.

දෙස් විදෙස් සම්මාන රැසකට ප්‍රත්‍ර වූ ජැක්සන් ඇන්තනී මහතා “පනාපත්‍ර කුහුඹුපැනියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙනවා.

ජැක්සන් ඇන්තනී ප්‍රවීණ රංගධරයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා..!

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

15 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago