Monday, April 27, 2026
Homeදේශීයකලාවට අහිමි වූ සම්පතක්.

කලාවට අහිමි වූ සම්පතක්.

කලක් පෙනහලු පිළිකා රෝගයට ගොදුරු වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා අද(03) උදෑසන සිය ජීවන ගමන නිමා කරන විට ඔහු 62වැනි වියෙහි පසු විය.  දයාරත්න රටගෙදරගේ “ගුරු ලිසී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්‍රවිශ්ට ඔහු “නුඹ විතරක් තළ එළලුයි” නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත්‍ර වූවේය. එමෙන්ම “තලමල පිපිලා”, “හිට්ලර්”, “අඹුසැමියෝ” සහ “ගුරු තරුව” වැනි වේදිකා නාට්‍ය රැසක ම රංගනය කළ හෙතෙම “රන් දොරටුව”, “බුමුතුරුණු” සහ “භාග්‍යා” වැනි ටෙලිනාට්‍යයන් හි රංගනය කරමින් පුංචිතිරය ද අතික්‍රමණය කළේය. විජය ධර්ම ශ්‍රී ගේ “ආරාධනා” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් “හිමගිර” චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබීය. ඉන්පසු “අහස් මාළිගා”, “මධුරි”, “ගිනි අවි සහ ගිනි කෙළි” සහ “සරෝජා” වැනි චිත්‍රපටය කිහිපයක ම රංගනය කළේය. සෝමරත්න දිසානායකයන්ගේ “සිරි රජ සිරි” චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, “සිරි පැරකුම්” චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත ද්විත්වයකි. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ “එකගෙයි සොකරි” චිත්‍රපටයේ සම්පත් කැපීපෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.  දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක් වන සම්පත් තෙන්නකෝන් මහතා ගී ගයන්නට ද සමතෙකි.  කුසලතාපුර්ණ ජේෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක සහ දක්ෂ ගායිකාවකවන රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ප්‍රියාදර සැමියාවේ.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්