දේශීය

දකුණු අප්‍රිකාවට වාර්තාගත ජයක්

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණු 102 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 428ක් රැස් කළා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් De Cock , Ven Der Dussen සහ Aiden Markram ශතක රැස් කිරීම කැපී පෙනෙනා.

ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් ශතක තුනක් රැස් කළ පළමු අවස්ථාව මෙය වූ අතර දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 428 ලෝක කුසලානයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද බවට පත්වුණා.

මේ අතර Aiden Markram ලෝක කුසලාන තරගාවලියක වේගවත්ම ශතකයට හිමි වාර්තාව තමා සතු කරගත්තා.

429ක දැවැන්ත ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 326ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 42ක් තුළ ලකුණු 76ක් රැස් කළා.

චරිත් අසලංක ලකුණු 79 (65) යි.

නායක දසුන් ශානක පන්දු 62ක් තුළ ලකුණු 68 රැස් කළා.

පන්දු යැවීමේදී Gerald Coetzee කඩුලු 3ක් බිඳ දැමුවා.

Marco Jensen , K. Rabada සහ K. Maharaj කඩුලු 02 බැගින් දවා ගත්තා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

9 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

9 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago