දුම්රිය නියාමන සංගමය ආරම්භ කර ඇති හදිසි වර්ජනයත් සමඟ මගී ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
වර්ජනය හේතුවෙන් හවස් වරවේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
කෙස් වෙතත් මේ වන විට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වෙනවා.
අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් දුම්රිය නියාමකවරයෙකුට කළ පහරදීමක් වර්ජනයට හේතු වී තිබෙනවා.






