දේශීය

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි..

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්නයි.

ළමා දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

මෙවර වැඩිහිටි දිනයේ තේමාව වී ඇත්තේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ‘ යන්නයි.

“ලෝක ළමා දිනය” 1955 ඔක්තොම්බර් 01 වනදා සිට ප්‍රථම වරට ලොව පුරා සමරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තොම්බර් 01 වනදා ලෝක වැඩිහිටි දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1990 වර්ෂයේදී.

රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයක් වෙනවා.

ළමන් යනු රටක මෙන්ම ලෝකයේ ද ආනගතයයි. වැඩිහිටියන් එම අනාගතය සැකසීම වෙනුවෙන් මනා පිටුවහලක් වන පිරිසයි.

ඒ අනුව ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතක් බවට පත්වෙනවා.

දිනයකට පමණක් සීමා නොවී ඔවුන්ගේ අයිතීන් සහ යහපත වෙනුවෙන් කටයුතු කිරීම අපගේ යතුකම මෙන්ම වගකීම ද වෙනවා.

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

1 week ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

3 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago