Saturday, October 3, 2026
Homeදේශීයඋණුවතුර බොයිලේරුවකට වැටී පුද්ගලයෙකු මරුට

උණුවතුර බොයිලේරුවකට වැටී පුද්ගලයෙකු මරුට

උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියානු ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ ජේ.රාජ්බායි නැමති 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

ඊයේ (30) අලුයම අදාළ පුද්ගලයා කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවට වැටී ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව සඳහන්.

වැලිපැන්න පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   UPDATE: අත්අඩංගුවට පත් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි කොටුව අධිකරණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්