දේශීය

සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයාට ඇප. ඇතින්නට වෙඩි වැදිලා තියෙන විදිහ එතරම් හොඳ නැහැ – මහාචාර්ය අශෝක දංගොල්ල

මහියංගණ පෙරහැරට පැමිණ සිටි සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ඇප මද නිදහස් කර තිබෙනවා.

මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අද උදෑසන 3.30ට පමණ බැඳ සිටියදී සීතා ඇතින්නට අදාළ පුද්ගලයා විසින් වෙඩි තබා තිබුණා.

වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදුකළ බවයි ඔහු පවසා තිබුනේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇතින්න මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

ඇතින්නගේ හෘදය වස්තුවට සමීප ප්‍රදේශයට වෙඩි උණ්ඩ වැදී ඇති බැවින් එය එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පශූ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සිරස නාලිකාවට පවසා තිබුණා.

එම වීඩියෝව පහතින් ,

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago