Tuesday, September 8, 2026
Homeදේශීයසීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයාට ඇප. ඇතින්නට වෙඩි වැදිලා තියෙන විදිහ එතරම් හොඳ...

සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයාට ඇප. ඇතින්නට වෙඩි වැදිලා තියෙන විදිහ එතරම් හොඳ නැහැ – මහාචාර්ය අශෝක දංගොල්ල

මහියංගණ පෙරහැරට පැමිණ සිටි සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ඇප මද නිදහස් කර තිබෙනවා.

මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අද උදෑසන 3.30ට පමණ බැඳ සිටියදී සීතා ඇතින්නට අදාළ පුද්ගලයා විසින් වෙඩි තබා තිබුණා.

වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදුකළ බවයි ඔහු පවසා තිබුනේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇතින්න මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

ඇතින්නගේ හෘදය වස්තුවට සමීප ප්‍රදේශයට වෙඩි උණ්ඩ වැදී ඇති බැවින් එය එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පශූ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සිරස නාලිකාවට පවසා තිබුණා.

එම වීඩියෝව පහතින් ,

READ:   මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිකරමින් කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්