දේශීය

මීලාදුන් – නබි දින ජනපතිගේ පණිවිඩය

අදට යෙදෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ ජන්ම දිනය හෙවත් “මිලාදුන් නබි උත්සවය” වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මුද් නබි නායකතුමාගේ උපත යෙදෙන මීලාදුන් – නබි උත්සවය සමරන ශ්‍රී ලාංකික ඉස්ලාමීය ජනතාවට මෙන්ම ලෝකවාසී සියලු ඉස්ලාමීය ජනතාවට මාගේ සුබපැතුම් පිරිනමමි.

සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

එකල සමාජය තුළ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ විය. විශ්වාසය සහ මිනිසත් බව වෙනුවෙන් කළ අසීමිත කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස එතුමා ප්‍රාර්ථනා කළ විජයග්‍රහණය උදා කර ගැනීමට හැකි විය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග වූ අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මෙම අවස්ථාවේ අප ජීවිතවලට ද පරමාදර්ශයක් කරගත යුතුය. එසේම එතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කර සහජීවනය ඇති කිරීමට කැපවීම එතුමාට සිදුකළ හැකි ඉහළම ගෞරවය බව මම විශ්වාස කරමි.

නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි මෙම උතුම් දිනයේ මම සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රීතිමත් මීලාදුන් – නබි දිනයක් වේවා !

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

11 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

11 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago