දේශීය

මීලාදුන් – නබි දින ජනපතිගේ පණිවිඩය

අදට යෙදෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ ජන්ම දිනය හෙවත් “මිලාදුන් නබි උත්සවය” වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මුද් නබි නායකතුමාගේ උපත යෙදෙන මීලාදුන් – නබි උත්සවය සමරන ශ්‍රී ලාංකික ඉස්ලාමීය ජනතාවට මෙන්ම ලෝකවාසී සියලු ඉස්ලාමීය ජනතාවට මාගේ සුබපැතුම් පිරිනමමි.

සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

එකල සමාජය තුළ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ විය. විශ්වාසය සහ මිනිසත් බව වෙනුවෙන් කළ අසීමිත කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස එතුමා ප්‍රාර්ථනා කළ විජයග්‍රහණය උදා කර ගැනීමට හැකි විය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග වූ අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මෙම අවස්ථාවේ අප ජීවිතවලට ද පරමාදර්ශයක් කරගත යුතුය. එසේම එතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කර සහජීවනය ඇති කිරීමට කැපවීම එතුමාට සිදුකළ හැකි ඉහළම ගෞරවය බව මම විශ්වාස කරමි.

නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි මෙම උතුම් දිනයේ මම සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රීතිමත් මීලාදුන් – නබි දිනයක් වේවා !

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Recent Posts

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

5 hours ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

6 hours ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

4 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

4 days ago