file
නව ක්‍රිකට් ලෝක වාර්තා 3ක් සමගින් වාර්තාගත විස්සයි විස්ස ජයග්‍රාහණයක් ලබා ගැනීමට ඊයේ (27) නේපාලය සමත් වුණා.
ඒ Asian Games හිදී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී.
මෙහිදී නේපාලයේ Kusal Malla විස්සයි විස්ස ලොව වේගවත්ම ශතකය වාර්තා කළා.ඒ පන්දු 34ක් වැය කරමින්.
පන්දු 50ක් තුළ ඔහු ලකුණු 137* ක් රැස් කළා.
මෙහිදී Dipendra Singh විස්සයි විස්ස ලොව වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව තමා සතු කරගත්තා.
ඒ පන්දු 9 කින් ලකුණු නොදැවී 50ක් රැස් කරමින්.
මේ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.
නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ඔවුන් රැස් තුළ ලකුණු සංඛ්‍යාව ලකුණු 314ක්.
මොංගෝලියාවට එරෙහි මෙම තරගය ලකුණු 273ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…